පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න..

Report

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටියි.

පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න.. | Piyumi Hansamali

ඇය ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

එහෙත්, පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය සඳහන් කළේ ය.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමී හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (15) අභියාචනාදීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී ය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමක් නොකරන බව ය.

කෙසේ වෙතත්, ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වන දා කැඳවීමටද දින නියම විය.