එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

By Piyumika Nov 10, 2024 08:21 AM GMT
Report

 ටෙලිකොම් සන්නිවේදන කුලුනක බැටරි ගැලවූ බව කියන එම ආයතනයේ ම තාක්ෂණික ශිල්පියෙක් සහ රිය සහායකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

එම ආයතනයේ උසස් නිලධාරියෙක් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙඅ ඇත්තේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරි 08ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇවිදගෙන යනවට වඩා රෝද පුටුවකින් යන එක සේෆ්ටියට හොදයි හිතිලා..මෙහෙම කෙනෙක් මේ යන්නේ කියලා දෙවියෝවත් හිතන් නැතුව ඇති..(PHOTOS)

ඇවිදගෙන යනවට වඩා රෝද පුටුවකින් යන එක සේෆ්ටියට හොදයි හිතිලා..මෙහෙම කෙනෙක් මේ යන්නේ කියලා දෙවියෝවත් හිතන් නැතුව ඇති..(PHOTOS)

විදුලි විසන්ධි වීමෙන් පසු කළුතර ටෙලිකොම් කුලුනේ සංඥා පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බැවින් සති කිහිපයක සිට ස්වයංක්‍රීයව විදුලි පද්ධතිය ක්‍රියාත්මක නොවීම නහේතුවෙන් ඒ පිළිබඳව ආයතනයේ නිලධාරීන් පාලක මැදිරිය දැනුවත් කර තිබෙනවා.

පසුව කළුතර ප්‍රදේශය භාර ඉංජිනේරුවන් විසින් සිදුකළ සොයාබැලීමේ දී එහි බැටරි ගලවා ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලංගොඩ බිහිසුණු වෙඩිතැබීමක් - දෙදෙනෙක් මරුට

අම්බලංගොඩ බිහිසුණු වෙඩිතැබීමක් - දෙදෙනෙක් මරුට

සැකකරුවන් විසින් සොරාගත් බැටරි කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ වෙළඳසැල්වලට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර තවත් බැටරි හතරක් තාක්ෂණ ශිල්පියා පදිංචි දොඩංගොඩ, හර්මන් වත්ත ප්‍රදේශයේ නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.