වැය ශීර්ෂේ කොහෙවත් කියලා නෑ පුද්ගලික ඒවට මෙච්චරයි පොදු ඒවාට මෙච්චරයි කියලා ඒ නිසා රනිල්ව අත්අඩංගුවට ගන්න පුළුවන් නම් අනුරව දහවතාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්, පාඨලීත් පෙරට එයි
අද දින අධිකරණයට පැමිණි පාඨලී චම්පික මහතා මාධ්‍යයට අදහස් දක්වා ඇත.
එහිදී අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ,
" රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ පනත යටතේ මුලින්ම හිරේ යන්න ඕනේ අය තමයි පැලවත්තේ අය. මොකද එයාලා තමයි අද අපි පෙළෙන ණය බර වගේ පස් ගුණයක විනාශයක් රටට 82,87,89 කළේ. ඒ නිසා පොදු දේපළ පනත යටතේ තර්ක කරනවා නම් මුලින්ම ගෙනියන්න ඕනේ ඒ ගොල්ලෝ. විපක්ෂේ අපි එකතුවෙලා තියෙන්නේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්. හොරු අල්ලන්න ඕනේ හැබැයි මේ ආණ්ඩුවට ඒක කරන්න බෑ. මොකද මේ ආණ්ඩුව සුද්ධවන්ත නෑ. මේ ආණ්ඩුව ඉතාම විශාල වශයෙන් ජන ඝාතනය කරපු ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මෙයාලට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් 1994දී රනිල් වික්‍රමසිංහ මහතා ගත්තේ නෑ. වැය ශීර්ෂේ කොහෙවත් කියලා නෑ පුද්ගලික කටයුතුවලට කීයද පොදු ඒවාට කොච්චරද කියලා. ඒවා එහෙම වෙන් කරන්නත් බෑ ජනාධිපති ධූරයට. රනිල් වික්රම්සිංහව මේකට අත්අඩංගුවට ගන්න පුළුවන් නම් අනුර දිසානායකව මේකට දහවතාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්" යනුවෙන්.
