වරෙන්තුකාරියක් පොලිස් දැලේ

By Gagana News Mar 10, 2025 08:08 AM GMT
Report

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළ සැකකාරියක් ඊයේ (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණිය පොලියක් ලබා දෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මඟින් ප්‍රචාරය කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් ලබා ගෙන එම මුදල් නොදී සැඟවී සිට ඇති බව අනාවරණය වී තිබේ.

හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්