‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

By Shehan Mar 10, 2025 04:41 AM GMT
Report

 නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කල්මුණේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

සුපර් මුස්ලිම් නම් මෙම සංවිධානය මෙහෙය වන මෙම වෛද්‍යවරයා දැනටමත් රජයේ රෝහලක සේවය කරන බවද හිමියන් ප්‍රකාශ කරයි.

අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

මේ ලෝකය වැඩක් නොමැති බවත් දරුවන්ට අධ්‍යාපනය ලබා නොදිය යුතු බවත් පොතපත නොකියවිය යුතු බවත් දේශනා කරන මෙම අන්තවාදී නායකයා, දෙවියන් උදෙසා ජීවිත දානය දෙන ලෙස උගන්වමින් සිටින බව ද උන් වහන්සේ පවසයි.

මේ වන විට ඔහුගේ අනුගාහිකයන් දරුවන් පාසල් යැවීම නතර කර ඇති බව ද ඥානසාර හිමි අනාවරණය කරයි.

ඉදිරියේදී ඉන්ධන මිලට මොනවා වෙයිද? - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ දැනෙන වෙනසක්

ඉදිරියේදී ඉන්ධන මිලට මොනවා වෙයිද? - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ දැනෙන වෙනසක්

චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කර ඇත.