රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනක්
අද (28) “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනක් මාතර, මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කර තිබේ. ඒ “දක්ෂිණ ප්‍රභා” 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව වේ .
මෙම ජංගම සුව සායනයෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ගරුතර ස්වාමීන්වහන්සේලා මෙන්ම මාතර නගරය, හිත්තැටිය, ගොඩගම, වල්ගම, පඹුරණ, නූපේ, තුඩාව යන අවට ගම්මානවල ජනතාව එක්ව තිබුණි.
මෙම ජංගම සායනය අක්ෂි සායනය, දන්ත සායනය, දියවැඩියා, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීම, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව,සුවනාරී සායන, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, මානසික උපදේශක සේවා, පෝෂණවේදී උපදෙස් ලබාදීම ආදී වෛද්‍ය සායන 10 කට අධික ප්‍රමාණයකින් සමන්විතය.
ජංගම සායනයෙන් සේවා ලබාගැනීමට පැමිණි ජනතාවගේ සර්වාංග රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව නොමිලේ ඖෂධ ලබාදීමට කටයුතු කරන අතර වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ සායන වෙත යොමු කිරීමට ද මෙහි දී කටයුතු කරනු ලබනවා.