රන් මාලයක් කැඩීමට උත්සාහ කළ යුද ඉහළ හමුදා නිළධාරියෙකු අත්අඩංගුවට

By Gagana Nov 18, 2021 05:11 PM GMT
Gagana

Gagana

Report

අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම් පොළේදී රුපියල් එක් ලක්ෂ තිස් දහක් වටිනා රන්මාලයක් කැඩීමට තැත් කළ බව කියන යුද හමුදා සාජන් මේජර් වරයකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

දෙහිඕවිට පදිංචිකාරියකගේ ගෙල බැඳි රුපියල් 130000ක් වටිනා පවුම් එක හමාරක රන් මාලයක් කඩා ගැනීමට තැත් කිරීමේදී ඇය අතේ තිබූ රුපියල් 10,000 පමණ වටිනා ජංගම දරකතනයටද හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ඇහැළියගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now