යුද හමුදා භටපිරිස් නායගිය මහගිරිදඹේ පඩිපෙළ ප්‍රතිසංස්කරණය කරයි

Report

යුද හමුදා භටපිරිස් විසින් මේ වන විට කඩිනමින් ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නැයයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙල සහ ආරක්ෂිත පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනු ලබයි .

ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත වැඩී ආ ආක්‍රමණශිලි ශාක වර්ගයක් වර්ධනය වී තිබේ.

තවද එම ශාක පදුරු පැවති වර්ෂාවක් සමග අපද්‍රව්‍ය සහ සමග පහළට කඩාගෙන විත් ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම නිසා එම වැටට හානි සිදු වී තිබුණි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය විසින් එම ප්‍රදේශයේ නායයෑම් පිළිබදව එම ස්ථානයට ගොස් ස්ථාන පරික්ෂාවක් සිදු කර ලබා දුන් නිර්දේශ අනුව යුද හමුදා භට පිරිස් විසින් නාය යෑමට ලක් වූ එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව සදහන් වේ.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

තවද එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ පවතින බවත් වාර්තා වේ.

ශ්‍රී පාදස්ථානාධිපති ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසන්නේ එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් පසු එම මාර්ගය ඔස්සේ කිසිදු අපහසුතාවයකින් තොරව ශ්‍රී පාදය කරුණා කිරිමට වන්දනාකරුවන්ට අවස්ථාව හිමිවන බවයි.