පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ යටතේ Block 01 සහ Block 02 ලෙස ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙය වීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
එසේම රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් පසුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදු කර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025-10-31 දින ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මඟින් රුපියල් මිලියන 199.13 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එබැවින් එකී ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.