දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් පාකිස්ථානයේ 12ක් ජීවිතක්ෂයට - 7 දෙනෙක්ට බරපතළයි
By Kaushi
වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයක් හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව ද සඳහන්.
එසේම සන්නද්ධ කණ්ඩායම් මඟින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.