පුරාවිද්‍යා නිලධාරියාට ගහලා ලක්ෂ 13ක රත්තරන් බඩුවලට විදලා

Report

කොටහේන පොලිසිය මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පතල් හා කැණීම් නිලධාරීයාට පහරදී බියගන්වා රුපියල් ලක්ෂ 13 කට අධික රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑ ත්‍රීරෝදරථ රියැදුරකු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ සැකකරුවන් නිලධාරීයා පැළඳ සිටි පවුම් හතරහමාරක් බර රන්මාලය සහ අත්පළදනාව, ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 20000/= ක් කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එසේම පහර කෑ පැමිණිලිකාර පතල් කැණීම් නිලධාරීයා ඔහු පදිංචි කදුරුවෙල ගම් ප්‍රදේශයේ සිට පසුගිය 6 වන දා උදෑසන බස් රථයෙන් පිටකොටුවට පැමිණ නාරහේන්පිට ප්‍රදේශයට යාමට කුලී ත්‍රීරෝද රථයකට නැඟ ඇති බව වාර්තා වේ.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් පොලීසිය පවසන ලෙස අඳාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ ත්‍රීරෝදරථ රියැදුරු මරදාන සංඝරාජ මාවතේදී රථය නවතා ගොස් තවත් පුද්ගලයකු සමඟ පැමිණ පැමිණිලිකරු පහරදී බිය ගන්වා මෙම කොල්ලය සිදු කර තිබූ බවයි.

එසේම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. ඒ. එම්. අරවින්ද ඇතුළු කණ්ඩායමක් මෙසේ පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්

හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්