සෞඛ්‍ය ඇමතිගෙන් ජනතාවට විශේෂ පොරොන්දුවක් [VIDEO]
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ජනතාවගේ සුවතාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් භාර ගනිමින්, ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
මෙම ප්‍රකාශය ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු සිදු කළේය. මෙය රජයේ “සුවපත් රටක්” උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනතාවට පිරිනැමීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙස නම් කර ඇති අතර, ජනතාවට සමීපව සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානවල ස්ථාපිත කෙරේ.
අමාත්‍යවරයා උත්සවයේදී පවසා සිටියේ, අතීතයේ සිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අභියෝග පැවති බවත්, ඒවා ජය ගනිමින් ජනතාවගේ සුවතාව පවත්වා ගැනීමේ අභියෝගය ජය ගැනීමට රජය කැපවී කටයුතු කරන බවත්ය.