සූදු බද්ද ගැන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි
ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, මෙම 2025 වසරේ ඔක්තෝබර් 01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට දළ එකතු කිරීම් වෙනුවෙන් වන 15% ක බද්ද 18% දක්වා වැඩිකර ඇති බව සඳහන්.
මේ අතර වැඩිදුරටත් වාර්තා වූයේ ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා වැඩි කර ඇති බවයි.
එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ 100%ක් ලෙස බව සඳහන්.