සම්පත් මනම්පේරි රැඳවුම් භාරයේ බව පොලිසිය දන්වයි

Report

අද (7) දින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි දින 90ක් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පෑලියගොඩ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා හමුවේ දැනුම් දී ඇත.

සිද්ධියට අදාල බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් පැවසුවේ මිද්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදු කරන විමර්ශන සඳහා සැකකරු මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රැඳවුම් නියෝග මත සිටින සැකකරු පරීක්ෂා කිරීමට මෙම කාලසීමාව තුළ කටයුතු කරන බවද අධිකරණයට දන්වා ඇත.