තවත් බිහිසුණු අනතුරක් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිලා - 7ට තුවාල

Report

යාපනයේ සිට වැල්ලවත්ත දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් පුත්තලම ත්‍රිකුණාමල මාර්ගයේ පළුගස්සේගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ඇති බව වාර්තා වුණා.

එසේ ඉවතට පැන මෙම බස් රථය ගසක ගැටී අනතුරට පත්ව තිබෙනවා.

ඒ අනුව සාලියවැව පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ (06) දින සිදු වූ අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 7 දෙනකු තුවල ලබා තිබෙන බවයි.

එමෙන්ම තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පවසයි.

කෙසේ වෙතත් වර්තමානයේ විශාල වශයෙන් අනතුරු සිදුවන බැවින් කල්පනාකාරීව රිය පදවන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ආයෙත් දරුණු අනතුරක්

ආයෙත් දරුණු අනතුරක්

නිල්වැල්ල මුහුදේ බිහිසුණු අනතුරක්

නිල්වැල්ල මුහුදේ බිහිසුණු අනතුරක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්