තැපෑලේ OT ඇතුළු අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවට

Report

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා(OT) පිළිබඳව මතුවී ඇති සියලුම කරුණු ගැන අවධානය යොමු කොට තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) වෙත කැඳවීමට නියමිත බව පවසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම්ගේ ආවධානය යොමු වී තිබෙනවා.

එසේම මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉදිරියේදී කැඳවීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බවද සඳහන්.

ඉකුත් දිනවලදී තැපැල්පතිවරයා කියා ඇත්තේ අතිකාල දීමනා (OT) විශාල වශයෙන් ලබාගෙන ඇති බවත් එය ඇඟිලි සලකුණු නොතබා ලබාගෙන තිබෙන බවත් ය.

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්

පාසල් වැසෙයිද? ගුරු සංගමයෙන් දරුණු අරගලයකට සූදානම්

එමෙන්ම මේ ආකාරයට රුපියල් මිලියන දහයකට වඩා මුදලක් ලබාගෙන ඇති බවද පැවසුවා. එයට පිළිතුරු වශයෙන් තැපැල් වෘත්තිය සමිති මඟින් මෙම අතිකාල දීමනා ලබා ගත්තේ සේවක හිඟය පවතින නිසා එහි වැඩි ආවරණය කරමින් බවත් මේ සඳහා තැපැල් පාලනාධිකාරියේ ද අනුමැතිය ලැබී ඇති බවත් සඳහන් කළා.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ ඇතැම් වාහන නඩත්තු කිරීම පිළිබඳව ද අක්‍රමිකතා සිදුවී ඇති බව තැපැල්පතිවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම සෑම කරුණක්ම විගණකාධිපතිවරයාගේ මාර්ගයෙන් කෝපා කමිටුව වෙත ලබාගෙන ඉන්පසු ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට ගෙන්වා මේ ගැන කරුණු සොයා බැලීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

හදිසියේම වෛද්‍ය සංගමය රැස්වේ

හදිසියේම වෛද්‍ය සංගමය රැස්වේ