දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

පොලිසිය මඟින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව නිකුත් කර ඇත.

අඳාළ නිවේදනයේ සඳහන් වන්නේ,

දෛනිකව අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි වාර්තා වන බවයි.

එහිදී පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට කියමින් විවිධ ගිණුම්වලට මුදල් බැර කර ගැනීම් ආදි වංචා සිදු වෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

එනිසා අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු පිළිබඳව දැනුවත් වන ලෙසටත් මෙම නිවේදනයෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම් වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.

නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකීම.

සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.

ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.

නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතන මඟින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් පොලීසිය කාරුණිකව ඉල්ලා සිටින බව අඳාළ නිවේදනයේ දැක්වේ.

රටටම අනතුරු නිවේදනයක් පරිස්සම් වෙන්න

රටටම අනතුරු නිවේදනයක් පරිස්සම් වෙන්න

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර