නා උයනේ බිහිසුණු අනතුර නිසා කම්පා වුණ චීන ප්‍රජාවගෙන් හිතා ගන්න බැරි වැඩක්

Report

ශ්‍රී ලංකාවේ සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා ඇත.

ඉකුත් දා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීම නිසා සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් මහත්මිය තම චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර තිබෙන අතර එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව තිබෙනවා.

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්

ගුවන්තොටුපළ වහයි - බිරින්දෑවරුන් 15යි ළමයි 30යි එක්ක ඇවිත්

අනතුරුව ඇයව සම්බන්ධ කරගනිමින් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය දායකත්වය ලබාදීමට තම කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

එබැවින් මෙම පුණ්‍යකර්මය සාර්ථකව සිදු කිරීමට, මෙරට ක්‍රියාත්මක C AM G 5ri Lanka නම් චීන මාධ්‍ය ආයතනය සහ කොළඹ පිහිටි වන සංස්කෘතික මධ්‍යස්ථානය එක් වී චීන ප්‍රජාවෙන් අරමුදල් එකතු කර ඇති බව සඳහන්.

මින් එකතු වූ රු. 800,000ක මුදල ඉකුත් 5වන දින නා උයන ආරණ්‍ය සෙනසනයේ නායක මහා නාහිමියන් වෙත පිරිනමා ඇත.

මේ අතර මහ නායකහිමියන් මෙහිදී අනුශාසනා කළේ ශ්‍රී ලංකාවේ වැඩ වෙසෙන මහා සංඝ රත්නයට චීන ප්‍රජාව දැක්වූ ගෞරවය සහ කරුණාව මෙයින් තහවුරු වන බවයි.

එසේම මෙම උදාර කර්තව්‍ය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ගැඹුරු සබඳතා, ආගමික, සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවද උන්වහන්සේ සඳහන් කළා. තවද එම අවස්ථාවට යෑං සියුවාත් මහත්මියට අමතරව වුවැන්නන් ලො, ලින් දොං සහ ෂෙන්ජි යන මහත්වරු සහභාගී වීම ද සිදු විය. 

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර