ක්‍රීඩා උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය

Report

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) දින තම සිය සහතිකය සටහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වුණා.

එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇත.

අඳාළ පනත් කෙටුම්පත පළමුවර කියවීමට 2025.09.12 දින ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සූදු බද්ද ගැන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි

සූදු බද්ද ගැන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි

එසේම මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීමට 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට විරුද්ධව සම්මුති පනත සංශෝධනය කිරීමට වන පනතක් වශයෙන් සලකයි.

මේ අතර ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (World Anti – Doping Agency- WADA) මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට සම්බන්ධ තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් නීති සහ රෙගුලාසි වාර්ෂිකව නිරීක්ෂණය කර‍යි.

එහිදී නූතන ක්‍රීඩා අවශ්‍යතාවයන්ට අනුකූල වන ලෙස ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නීති සහ රෙගුලාසිවලට අනුව පවතින පනත සංශෝධනය කිරීම මෙම පනතෙන් අපේක්ෂා කර තිබෙනවා.

එසේම ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 21 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

සූදු බද්ද ගැන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි

සූදු බද්ද ගැන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරයි

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රටටම අනතුරු නිවේදනයක් පරිස්සම් වෙන්න

රටටම අනතුරු නිවේදනයක් පරිස්සම් වෙන්න