කන්දට යට වුණ බස් රථයේ මිය ගිය මගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළට [UPDATE]
ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නාය යෑමට හසුවූ බස් රථයක සිටි පිරිසක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එසේම සිද්ධියෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
.........................................................
එකවරම කන්දක් කඩා වැටී බස් රථයක් යට වෙයි 10 දෙනෙක් ජීවිතක්ෂයට [11.20 PM ]
ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථය හර්යානාවේ රොහ්ටැල් සිට ගුමර්වින් ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී බව සඳහන්.
එසේම බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ සිටි බව පවසයි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරට පත්වූ බස් රථයේ පිරිස් මුදා ගැනීම වෙනුවෙන් දැනටමත් දැවැන්ත මෙහෙයුම් දියත් කර තිබෙන බවයි.
එමෙන්ම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ එම බස් රථය මත එක්වරම කන්දක් කඩා වැටී බස් රථය එයට යටවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන බව පවසයි.