හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

Report

අද (07) උදෑසන හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.

එහිදී අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු "අදුපැලෑන බිංදු" යන නමින් හදුන්වන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු වේ.

අද අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේදී මෙම ද්විත්ව ඝාතනය සිදු වූ අතර ගෙහිමි කාන්තාව වැසිකිළියෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදුණු බව පොලිසිය පවසයි.

හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්

හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්

පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර එලෙස ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වන ලෙස පහරදී ඇති බව ද පොලීසිය සදහන් කරයි. ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙකි.

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වේ. පොලීසිය පවසන්නේ ඝාතනය වූ පුද්ගලයා පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවය. ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනයේදී පොලීසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ (06) දිනයේදී නිදහස්ව පැමිණ තිබේ.

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඒ හේතුවෙන් දැඩි භීතියකින් ජීවත්ව ඇති ඔහු අද අලුයම 5ට තමන්ව අවදි කරන ලෙස ගෙහිමි කාන්තාවට පවසා ඇති බවත්, අද දිනයේදී කොළඹ ප්‍රදේශයට පැමිණ තාවකාලික නවාතැන්පොළක සැඟවී සිටින බවට ඇයට පවසා ඇති බවත් පොලීසිය සඳහන් කළේය. මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බව පොලීසිය පැවසුවේය.  

සිල් සමාදන් වීමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගිහින්

සිල් සමාදන් වීමට ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගිහින්