ආරච්චිකට්ටුවේ සභාපති සජබේ මන්ත්‍රීවරියකට 'බූරුවා' කියලා බැනලා - ඇගෙන් පොලිසියට පැමිණිල්ලක්
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සිදුවූ බහින්බස්වීමක් මේ වන විට දුර දිග ගොස් තිබේ. ඒ අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශයේ සභාවේ සභාපතිවරයා සමග ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකුට "බූරුවා මෙතනින් යනවා" යැයි කියමින් අපහාසාත්මක ලෙස බැණ වැඳුණු බව සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙලෙස පැමිණිල්ලක් දමා ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සමගි ජනබල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිකිනි අයෝද්‍යා විසිනි. අද දින මන්ත්‍රීවරුන් හට හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රාදේශීය සභාව තුළ සිදු කෙරී තිබේ.
ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න
ඒ අතර එහිදී හැඳුනුම්පත් සම්බන්ධයෙන් ගැටළුවක් විසඳා ගැනීම සඳහා නිලකාමරයට ගිය අවස්ථාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම සම්බන්ධයෙන් තමන්ට අපහාසාත්මකව බැන වැදුණු බවයි පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබඳව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. ජේ. එම්. ජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු,
''සභාවේ නිලධාරීන්ගෙන් විසඳාගත යුතු ගැටළු තමන්ගේ නිල කාමරයට පැමිණ මාත් සමග වාද කරන්නෙ නැතිව එළියට ගිහිල්ලා එම නිලධාරීන් සමග විසඳා ගන්න''
යැයි කී බව ප්‍රකාශ කරයි.
තමන් එලෙස තදින් කතා කළා මිස අපහාසාත්මක ලෙස කතා නොකළ බවඔහු පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා සඳහන් කරේ මීට පෙර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විරුද්ධ පක්ෂවලට මරණ තර්ජන කර එළවාගත් සංස්කෘතිය සභාව තහනම් කළ යුගය තම පාලන කාලයේදී නැතිකළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.