ලංවීමය විදුලි බිල 50% වැඩි කිරීමක් ඉල්ලයි - කොමිසම බෑ කියද්දී IMF වාරිකය සැකයි..

Ceylon Electricity Board IMF Sri Lanka Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka Sinhala news
By Shehan May 01, 2025 08:59 AM GMT
Shehan

Shehan

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අකමැති වීම හේතුවෙන්, එම අරමුදලේ ඊළඟ වාරිකය ජුනි මාසයේදී පැවැත්වෙන විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.

බස් ගාස්තු වෙනස් වෙයිද?

බස් ගාස්තු වෙනස් වෙයිද?

විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීමට වත්මන් විදුලි ගාස්තු ප්‍රමාණවත් නොවන බව මුල්‍ය අරමුදල පවසා ඇතත්, නියාමන කොමිසමේ මතය වී ඇත්තේ, වත්මන් ගාස්තු පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ලෙස නියම කර ඇති බවත්, ඒවා වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.

පසුගියදා පැවති ඉහළ මට්ටමේ රැස්වීමකදී කොමිසමේ නිලධාරීන් මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, විදුලි ගාස්තු සියයට 50කින් වැඩි නොකළහොත්, මණ්ඩලයේ වියදම් ආවරණය කිරීමට නොහැකි වන අතර, ඉන්ධන හා විදුලි සැපයුම් සඳහා ගෙවීම් සිදු කිරීමට ද නොහැකි වන බවයි.

මැයි 02 දා මොනවා වෙයිද? මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය ගැන හෙළිදරව්වක්!

මැයි 02 දා මොනවා වෙයිද? මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය ගැන හෙළිදරව්වක්!

මුල්‍ය අරමුදලේ ඉදිරි වාරිකය ලබා ගැනීමට විදුලි ගාස්තු සංශෝධනය ප්‍රධාන කොන්දේසියක් බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එවන් පපාජෝර්ජියෝ මහතා ප්‍රකාශ කර ඇත. 

ReeCha