රාජ්‍ය සේවයට තවත් විශාල පිරිසක් හෙට දිනයේ එක්වේ
ආයුර්වේද වෛද්‍යවරු 303 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
2018 වසරට පසු දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගන්නා අවස්ථාව මෙය බව රජය කියයි.
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී හෙට (3) පෙරවරු 9ට සිදු කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ 2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා විශාලතම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවත් එකවර බඳවා ගන්නා අවස්ථාව මෙය වන බවය.
මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්‍රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛයාවත් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
දිනයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් හා පුහුණු පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පත්වීම්ලාභීන් වරසක කාලයක් පරිපූර්ණ පුහුණුවක් ලබා ඇත.
මෙම බඳවා ගන්නා වෛද්‍ය නිලධාරීන් රේඛිය අමාත්‍යාංශය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ආයතනය සහ රෝහල් සඳහාත්, පළාත් පාලනය ආයතන කිහිපයක ආයතන වෙතත් යොමු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.