මාව අම්මගේ බඩෙන් එළියට ගත්තේ එයාමයි කියලා දැනගත්ත ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ - දෛවය පවා පුදුම කළ හමුවීමක්[PHOTOS]
මේ ජීවිතයේ පුදුමාකාර හමුවීම් තියෙනවනේ. ඉතින් අද කියන්න යන්නෙත් එවැනි හරි අපූරු හමුවීමක් ගැන.
මේ කතාව පටන් ගන්නේ මීට වසර 27කට පෙර.
ඒ 1999 දී. එදා රෝහලක ශල්‍යාගාරයක් ඇතුළේ එක්තරා මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍ය කේ. ඒ. ගුණරත්න මහතා, පුංචි දියණියක මෙලොවට බිහි කිරීමට මූලික වෙනවා.
හැබැයි දෛවයේ අපූරු මුණගැස්වීමක් ලෙස එදා ඒ වෛද්‍යවරයාගේ දෑතට මුලින්ම හසු වුණු ඒ පුංචි ජීවිතය කාලයකට පස්සේ ඔහු ළඟටම එනවා. ඒ නොසිතූ ලෙස.
ඇය ඉගෙන ගන්නේ තමන්ව මෙලොවට බිහි කළ ඒ විශිෂ්ට වෛද්‍යවරයා යටතේම බව කොහොම හිතන්නද? කොහොම වුණත් ඇය දැන් ඔහුගේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්.
ඇය"මාව අම්මගේ බඩෙන් එළියට ගත්තේ එයාමයි කියලා දැනගත්ත ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ..." කියන්නේ වසර 27කට පෙර තමන් රෝහලෙන් පිටව යන විට ලැබුණු ඒ පැරණි 'ඩිස්චාර්ජ් කාඩ්' (Discharge Card) එක වෛද්‍යවරයාට පෙන්වන ගමන්.
ඒක දැකපු වෛද්‍ය ගුණරත්න මහතාගේ මුහුණේත් ඇඳෙන්නේ අභිමානවත් මෙන්ම හරිම දයාබර හිනාවක්.
ඉතින් ඔහු එම කාඩ්පත අතැතිව ඇය දෙස බලලා, "තමුසේ මම ගත්ත හින්දා තමයි බෝලේ වගේ ඉන්නේ.........මම ගත්ත කෙල්ලෙක්නෙහ්!"යනුවෙන් පවසන්නේ හරිම සතුටින්.
කොහොම වුණත් තමන් ලොවට බිහි කළ දියණියක් වැනි ශිෂ්‍යාවකට අද ගුරුහරුකම් දීමට වෛද්‍යවරයෙකුට අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක මොන තරම් නම් සතුටක් ද?
දැහැමි ජයරත්න විසින් මුහුණුපොතට එක් කර තිබූ මෙම සටහන, ගුරු-ගෝල සබඳතාවය මෙන්ම වෛද්‍යවරයෙකු සහ රෝගියෙකු අතර ඇති වන ඒ උතුම් මානුෂීය බැඳීම මොනතරම් සුන්දරද වගේම ඒ හමුවීමේ සුන්දරත්වයත් මැනවින් ලෝකෙට පෙන්වනවා.
