බුදු පිළිමයක් සහ මැණික් සමඟ කතුන් ඇතුලු 5ක් අත්අඩංගුවට

Report

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන බුදු පිළිමක් සහ මැණික් ගල් කිහිපයක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකාරියන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙක් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ඊයේ (15) සවස, දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සල්පිටිගම - සඳුන්පුර මාර්ගයේ සල්පිටිගම ප්‍රදේශයේදී සිදුකරන ලදී. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මාර්ග බාධක යොදා සිදු කළ පරීක්ෂාවකදී මෙම පිරිස කොටු කර ගැනීමට හැකි විය.

පවතින තත්ත්වය මත රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු - සියලු උත්සවත් තහනම්

පවතින තත්ත්වය මත රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු - සියලු උත්සවත් තහනම්

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී, ඔවුන් සන්තකයේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බුදු පිළිමක් සහ නිල් පැහැති, මැණික් ගල් බවට සැක කරන ගල් 03ක් රැගෙන සිටි බව සොයාගෙන තිබුණි.

එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 26, 53 සහ 55 යන සැකකරුවන් මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි වන අතර, සෙසු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 62 යන පසුවන බිබිල සහ මිණිපේ ප්‍රදේශවල පදිංචිව සිටිති. තවත් එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.