අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

By Hashini Apr 15, 2025 06:48 AM GMT
Report

 සිංහල දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් හෙටට දී තිබෙනවා.

එය පුර්වභාග 9.04ට යෙදී තිබෙනවා.

නැකත් පත්‍රයේ සඳහා වන්නේ කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද කොහොඹ පත් මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය සුදුසු බවයි.

මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට නියමිතයි.

එසේම රැකි රක්ෂා සඳහා පිටත් වීමේ නැකත අනිද්දා පුර්වභාග 9.03ට දී තිබෙන අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කොට උතුරු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි නැකත් පත්‍රයේ දැක්වෙන්නේ.