iPhone වලට මොකක් වෙයි ද?.

Report

අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගමේ සිදු වූ විශාලතම අලෙවි පහත වැටීම මේ වන විට සිදුව ඇති බව සඳහන් වේ.

iPhone වලට මොකක් වෙයි ද?. | Apple Sales Down

ඒ අනුව අදාළ සමාගම පසුගිය මාර්තු මාසය අවසන් වීමත් සමඟ සඳහන් කළේ, එම මාස තුන තුළ විකුණුම් ඩොලර් බිලියන 90.8 දක්වා පහළ බැස ඇති බව ය.

එය ප්‍රතිශතාත්මකව 4%ක පහත බැසීමක් වේ.

අයිෆෝන්, අයිපෑඩ් සහ ඇපල් වොච් වැනි උපාංගවල ආදායම පසුගිය වසරේ එම කාර්තුවේ සිට අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇපල් නිශ්පාදනවලට සාපේක්ෂව ලෝකයේ අනෙකුත් ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක් වේ.