Siri වෙනස් වෙයි - දැන් iPhone, iPad සහ Mac වලට එන්නේ මෙහෙමයි

By Kaushi Jan 22, 2026 08:51 AM GMT
Report

සිය සුප්‍රසිද්ධ 'සිරි' (Siri) ඩිජිටල් සහායකයා සම්පූර්ණයෙන්ම නවීකරණය කරමින්, එය කෘත්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් බවට පත් කිරීමට ඇපල් සමාගම සූදානම් වන බවට බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව Campos' යන රහස් නාමයෙන් හඳුන්වන මෙම නව AI චැට්බොට් එක iPhone, iPad සහ Mac මෙහෙයුම් පද්ධති තුළට ඉතා ගැඹුරින් ඇතුළත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එමෙන්ම එය දැනට පවතින 'සිරි' අතුරු මුහුණත (Interface) සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන බව සඳහන්.

ඉකුත්දා AI තරඟයේ ඉදිරියට ඒම සඳහා ඇපල් සමාගම ගූගල් සමාගම සමඟ විශේෂ ගිවිසුමකට එළඹ ඇත.

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

එබැවින් ගූගල් හි ප්‍රබලතම Gemini 3 මාදිලියට සමාන උසස් තාක්ෂණයක් 'Campos' සඳහා යොදා ගැනෙන බව පවසයි. එමෙන්ම මෙය ඇපල් සමාගම තුළ 'Apple Foundation Models version 11' වශයෙන් හඳුන්ව‍යි.

තවද මෙම නව චැට්බොට් එක හඬ (Voice) මඟින් මෙන්ම ටයිප් කිරීම (Typing) මඟින්ද ක්‍රියාත්මක කළ හැකි වේ.

එසේම ඇපල් සමාගම මීට පෙර හඳුන්වා දුන් 'Apple Intelligence' විශේෂාංගයට වඩා මෙය ඉතා දියුණු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට අමතරව ඇපල් සමාගම විසින් කැමරා කිහිපයක්, ස්පීකර් සහ මයික්‍රොෆෝන සහිත, ඇඳුමේ පැළඳිය හැකි (Wearable Pin) නවතම AI උපකරණයක් නිපදවමින් සිටින බව ද වාර්තා වේ.

ඒ අනුව මෙය 2027 වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

බිත්තරේ මිලේ ලොකු වෙනසක් - මෙන්න නව මිල

බිත්තරේ මිලේ ලොකු වෙනසක් - මෙන්න නව මිල

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ