බදියුදීන් නිවාස අඩස්සියේ තබන්නයි ඉල්ලීමක්

supreme court LTTE CID badurdeen Fycer Musthapa
By Sewvandhi Jul 09, 2021 01:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ නිවසට සීමාවන පරිදි රැදී සිටිය හැකිවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රැදවුම් බාරයේ සිටින අයකු නිවාස අඩස්සියේ තැබීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ආරක්ෂක ඇමතිවරයාට බලයක් ඇති බැවින් ,එවැනි නියෝගයක් තම සේවාදායකයාටද ලබා දෙන ලෙසද ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

රිෂාද් බදුද්දීන් සහ ඔහුගේ සෙහොයුරු රියාජ් බදුද්දීන් යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.

  මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ , ගාමිණී අමසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව් දෙනෙක් මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.

පෙත්සම්කාර රිෂාඩ් බදුද්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා කියා සිටියේ තම සේවාදායකයා දැනට රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා තබා ගෙන සිටින බවත් , ඔහු කොවිඩ් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔහුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha