ඉදිරියේදී පළාත් අතර සංචරණයට අනිවාර්ය වන දේ මෙන්න.

Covid Sri Lanka Covid vaccines card Provincial travel Propeser arjunar de Silva
By Aruna Nov 03, 2021 05:40 AM GMT
Aruna

Aruna

Report

මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට කළ යෝජනා පළාතකින් පළාතකට සංචාරය කිරීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සහතික කරන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්ය කිරීමට රජයට යෝජනා කරන බව රාගම වෛද්‍ය පිඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

එලෙස එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ විද්‍යාත්මක පදනමක් ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මේ මගින් පළාතකින් පළාතකට සංචාරය කිරීමේදී ජනතාව වගකීමෙන් කටයුතු කරන බවත් විශේෂයෙන් තරුණ පිරිසට එන්නත ලබා ගැනීමට පෙළඹවීමක් සිදුකරන බවත් හෙතෙම කියයි.

මේ වන විට ලොව වෙනත් රටවල ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම සඳහා එන්නත් කාඩ්පත අනිවාර්යය කර ඇති අතර එමගින් කොවිඩ් ව්‍යාප්තිය අවම කරගනිමින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත.

එසේම මුව ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමටද කටයුතු කළ යුතු බව මහාචාර්යය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now