පොලීසියට ගල් ගැසූ කාන්තාවන් හය දෙනා

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 17, 2022 08:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බාධා සිදු කිරීම සම්බන්ධයෙන්  කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 

 අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හයදෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 

 පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදුකිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (17) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now