විරසක වූ පෙම්වතුන් යුවළ එකිනෙකාගේ නිරු­වත් ඡායා­රූප තරගෙට අන්ත­ර්ජා­ල­යට මුදා­හැ­රලා..පෙම්වතා සතුව ඡායාරූප 157 කුත්,පෙම්වතිය සතුව 110 කුත්..මෙරටින් ඇහෙන අමුතු කතාව

By Sewvandhi Jan 15, 2022 08:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වත්මන් සමාජයේ විවිධාකාර ආදර කතා අසන්නට, දකින්නට ලැබේ. ඒ අතර ඇතැම් ආදර කතා බොහෝ සුන්දරය; ආදරණීය ය.  අනුවේදනීය සහ දුක්බර ආදර කතන්දර ද ඒ අතර වේ. ඒ අතර බිඳුණු පෙමට හිත රිදවාගෙන දිවි නසාගත් පෙම්වතුන්, පෙම්වතියන් ගැන මෙන්ම ඇතැම් විට පෙම්වතාගේ, පෙම්වතියගේ ජීවිතය සුසානයෙන් අවසන් කළ පෙම්වතුන් ගැනද අසන්නට ලැබේ.

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමාන බව සිහි ගන්වන ඒ ආදර කතා ගැන පසුවදන් ලිවීම බොහෝ දුෂ්කරය.  ඉකුත් සතියේ අනුරාධපුරයෙන් අසන්නට ලැබුණේ ප්‍රේමයේ අමුතු පළිගැනීමක් ගැනය. ඔවුනොවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථානය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් යොවුන් පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගෙන තිබිණ. 

මේ අපූරු පෙම් යුවළ අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවකු සහ සිසුවියක වීම විශේෂත්වයකි. වාර්තා වන පරිදි ඒ පාසල් සිසුවා සහ සිසුවිය අතර ආදර සබඳතාවක් ඇතිවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරදීය. දෙදෙනා අතර ප්‍රේම දූතයා බවට පත්ව ඇත්තේ ඔවුනොවුන් සතු නවීන පන්නයේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයි. 

පොලිසිය පවසන පරිදි එම සිසුවාගේ ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් 1,25,000ක් පමණ වන අතර සිසුවියගේ දුරකථනයේ වටිනාකම රුපියල් හතළිස් දහසක් පමණ වේ. යොවුන් පෙම්වතුන්ගේ දුරකථන සංවාද ප්‍රේමණීය අල්ලාප සල්ලාපවලට පමණක් නොව විවිධාකාර ඉරියව්වලින් එකිනෙකාගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප හුවමාරු කරගැනීම දක්වා දුරදිග ගොස් ඇත.

තාරුණ්‍යයේ හුදු ආශා අතර ඔහේ නිදහසේ ගලාගෙන යන ඒ ආදර කතාවට විරාමයක් වැටෙන්නේ කිසියම් කරුණක් නිසා පෙම්වතුන් අතර විරසකයක් ඇතිවීමෙනි.  එතැන් සිට ඔවුන් දෙදෙනා හැසිරෙන්නේ එකිනෙකා සමඟ අමනාපයෙනි. ප්‍රේමයෙන් සැනසෙනවා වෙනුවට විරහවෙන් රිදුණු සිත් ඉන්පසු නැඹුරු වන්නේ එකිනෙකාගෙන් පළිගැනීමටය.

සැබෑ ප්‍රේමයේ රුවගුණ හඳුනා ගැනීමට තරම් මුහුකුරා ගිය අවබෝධයක් නැති පාසල් සිසුවිය ප්‍රේමය බිඳ වැටීම නිසා පෙම්වතා කෙරෙහි සිතෙහි වන වෛරය සංසිඳුවා ගැනීමට තෝරා ගන්නේ අපූරු ක්‍රමයකි. කේන්තිය, ආවේගය පාලනය කරගැනීමට නොදත් ඇය සිය පෙම්වතාගේ නිරුවත් ඡායාරූපයක් මුහුණු පොතට මුදාහරින්නේ එයින් විය හැකි හානිය පිළිබඳ අබමල් රේණුවකුදු දුරදිග නොසිතා නොවේ. 

ඇයගේ ඒ ක්‍රියාවෙන් කෝපයට පත් පෙම්වතාද තම දුරකථනයේ ගබඩා කරගෙන තිබූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක් මුහුණු පොතට මුදා හරින්නේ ඉන් අනතුරුවය.

එතැනින් ඇරඹි ප්‍රේමයේ පලිගැනීම දුර දිග යන්නේ දෙදෙනා විසින් එතැන් සිට දිගින් දිගටම එකිනෙකාගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප මුහුණුපොතට එක්කරමිනි. අවසානයේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට මුදාහැරීමේ වරද මුලින්ම කළ සිසුවියට සිදුවන්නේ නීතියේ පිහිට පැතීමටය. 

සිය පාසල් පෙම්වතා පිළිබඳ ඇය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. එම පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ඔහුද තමාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට මුදා හැරීම සම්බන්ධයෙන් තම හිටපු පෙම්වතියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව සිසුවියද පොලිස් අත්අඩංගුවට පත්විය.  පෙම්වතුන් යුවළ විසින් එකිනෙකාට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිලි නිසා ඔවුන් දෙදෙනාගේම ජංගම දුරකථනද පොලිස් භාරයට පත් විය. පොලිසිය විසින් කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ සිසුවිය විසින් විවිධ අවස්ථාවල විවිධාකාර ඉරියව්වලින් නිරුවතින් ලබාගත් සෙල්ෆි ඡායාරූප 157ක් පෙම්වතා සිය ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඇති බවයි.

එමෙන්ම පෙම්වතා විසින් වරින් වර පෙම්වතියගේ දුරකථනයට යැවූ ඔහුගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප 110ක් ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කරගෙන ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ ඡායාරූප සියල්ල ඔවුන් දෙදෙනා විසින් දුරකථනය ඔස්සේ පෙම් සුව විඳි අවස්ථාවලදී සීමාමායිම් නොමැතිව හුවමාරු කරගත් එකිනෙකාගේ නිරුවත් ඡායාරූපය.

පොලිසිය විසින් සැකකාර පාසල් සිසුවා සහ සිසුවිය අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැර තිබුණි. වැඩිදුර නඩු විභාගය සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. 

සිසුවා සහ සිසුවිගේ ජංගම දුරකථන අධිකරණය භාරයට ගෙන පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට යවා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාමගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා පී.යමුනා කාන්ති, පොලිස් සැරයන්වරුන් වන ඒ.සී දයානන්ද හා බස්නායක යන නිලධාරිහූ වැඩිදුර පරික්ෂණ සිදු කරති. 

මෙවැනි සිදුවීම්වලින් සනාථ වන්නේ සැබෑ ප්‍රේමය ගැන කිසිදු හැඟීමක් නැතිව නවීන දුරකථන උපාංග සහ මෙවලම් ඇසුරෙන් අමුතු වින්දනයක් සොයන මෙවැනි නව යෞවන යෞවනියන් හෙට දවසේ තමන්ටත් ලෝකයටත් වෛර කරන පිරිමි සහ ගැහැනු ලෙස සමාජ ගතවීමෙන් සිදුවන වරද නිවැරදි කරන්නට නම් ආකල්ප වෙනසක් අවැසි බවය. 

පාසල් වියේ පසුවන දරුවන් සිය දෑස් මානයෙන් සහ හදවතින් අතහරින්නට ඉක්මන් වන මවුපියන්ට මෙවැනි සිදුවීම් යළි යළිත් පසක් කර දෙන්නේ දරුවන් පිළිබඳ වන නිමා නොවන අසීමිත වගකීම ගැනයි. දහස් ගණන් වටිනා නවීන තාක්ෂණ මෙවලම් සමඟ ගනුදෙනු කරන යොවුන් දරුවන් ගැන මවුපිය අවධානය අත්නොහළ යුතු බවයි.  මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “සිළුමිණ” පුවත්පතෙන්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now