තනතුරට ඇවිල්ලා වසරක් වත් නෑ අනුරාධපුර වැව්රක්ෂිත ලකුණු කළ වාරි මාර්ග ලොක්කා මාරුකර යවයි - හේතුව හෙළිවේ

Report

නව රජය බලයට පත්වීමත් සමඟම වැව් රක්ෂිත ආශ්‍රිතව සිදු කර ඇති අනවශ්‍ය ඉදි කිරීම් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ආන්දෝලනයට තුඩුදුන් අනුරාධපුර නුවර වැව්රක්ෂිතය ඇතුළු වැව්රක්ෂිතවල සීමා මායිම් ලකුණු කිරීමේ රාජකාරියේ නිරතව සිටී අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතාට හදිස්සියේ ස්ථාන මාරුවක් ලැබී තිබේ.

නුවර වැව ඇතුළු වාරිමාර්ග වැව්රක්ෂිත සීමාමායිම් ලකුණු කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රබල වැඩ කොටසක් අවසන් කෙරූ එතුමා වසරක්වත් තනතුරට පත් වී ගෙවී නැති කාලසීමාවක මෙලෙස ස්ථාන මාරු කොට යවන්නේ පැහැදිලිවම දේශපාලන හස්තයක බලපෑමට යටත්ව බවට සේවකයෝ සැක පළ කරති.

කෙටි කාලයක් තුළ ජනතාව අතර සහ සේවකයින් අතර කීර්තිමත් නිලධාරියකු වශයෙන් රාජකාර් කටයුතු කළ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද මායිම් සටහන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැති ඇමතිවරු සමඟ සෘජුවම පෙනී සිටියේය.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

නුවර වැව වැව්රක්ෂිතයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ පලිහේන මහතාගේ ද ඉඩම සීමාවට අයත් වී තිබේ. එමෙන්ම අනුරාධපුර නුවර වැව් රක්ෂිතයේ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනා තුන්සිය පනහ ඉක්මවා ලැබී ඇති බව හිටපු වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉකුත්දා සදහන් කළේය.

නුවර වැව වැව්රක්ෂිතයේ ඉඩම් සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගන්නා තුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයෝ, පරිසරවේදීහු සහ සාමාන්‍ය ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

සහරාන්ලගේ අවි හොයන මුවාවෙන් නිදන් වස්තු හොයලා? - යාබද ඉඩමක විශාල වලක්

සහරාන්ලගේ අවි හොයන මුවාවෙන් නිදන් වස්තු හොයලා? - යාබද ඉඩමක විශාල වලක්