උතුරු මැද පළාත් ප්‍රධාන රෝහලක් ගැන ගත්තු අලුත් තීරණය

Report

සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා ය.

එම වාර්තාව මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කළ යුතු වේ.

ගෝලයෝ ගුරුවරිය නිරුවත් කරලා...කෘතිම බුද්ධියෙන්...!!!

ගෝලයෝ ගුරුවරිය නිරුවත් කරලා...කෘතිම බුද්ධියෙන්...!!!

එම කමිටුවේ සභාපතිවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර තිබෙනවා.

එමෙන්ම, සෙසු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යූ.කේ. කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරීන් ඕ.බී.ජේ. ද සිල්වා මහතා පත් කර ඇත.

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

පසුගිය වසර කිහිපයක් පුරා එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා කිහිපයක් හඳුනා ගෙන ඇත. රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලේහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදි හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවත් හඳුනාගෙන ඇත.