එක් දිස්ත්‍රික්කයකින් කොවිඩ් පොකුරක්
Corona virus
Covid 19
Anuradapura
By Sithumi
පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ආර්.එම් රත්නායක මහතා සඳහන් කළේ,
"අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවන බව පසුගිය සතිය තුළ අපිට වාර්තා වුණා. දින 5කට අපිට රෝගීන් 650 ඉක්මවා වාර්තා වුණා. අනුරාධපුර දිස්ත්‍රිකකයේ ප්‍රාථමික විදුහල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙක් රෝගයට ගොදුරු වෙලා තියෙනවා."
මේ අතර කොවිඩ් ආසාදිතව මාස තුනක පමණ කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් ද සිල්වා මහතා ඊයේ (29) මියගියේය.
දේහය පැය 2ක පමණ කාලයක් නිවසේ තැන්පත් කෙරුණු අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවූයේ පවුලේ සාමාජිකයින්ට පමණි.