ලංකාවටම ජනපතිගෙන් සුබ ආරංචියක් - එකතු කළ අගය මත බද්ද අඩු කර ජනතාවට සහන දෙන්න සූදානමක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ පියවරක් වශයෙන් ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) ප්‍රමාණය අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) දින අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිවන රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින්, ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේ,

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

"අපගේ අරමුණ ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කර ජනතාවට සහන සැලසීමයි," යනුවෙන් පවසමින්.

එසේම අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියා සිටියේ, දරුවෙකු අධ්‍යාපනය සඳහා පොතක් මිලදී ගැනීමේදී බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බවත්, එවැනි බදු ඉවත් කළ යුතු බවත් ය.

කෙසේ වුවද රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරන අතරතුර බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුව ඇති බව ද ඔහු පැවසූවා.

එමෙන්ම රාජ්‍ය අංශයේ මුලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට ගත් තීරණය නිසා 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ