මින්පසු හාමුදුරුවරුන්ට - ආගමික නායකයින්ට දේශපාලනය තහනම් වෙයි.? - "අවුරුදු ගාණක ඉඳලා ජනතාව වෙනසක් ඉල්ලුවා."

Parliament of Sri Lanka Sri Lanka Politician Parliament Election 2024 AKD
By Wayomi Oct 11, 2024 01:42 PM GMT
Wayomi

Wayomi

Report

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හොරු රැළම, හොරකම් ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.

ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.


"අපි මේ 225 ම හොරු කියලා කිව්වට, අතේ ලේ තැවරුණේ නැති, අල්ලස,දූෂණය, වංචාවට ගෑවුණේ නැති හොඳ මිනිස්සු 15-20 කුත් ඉන්නවා.මම ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමාගෙන්, පක්ෂ භේදයකින් තොරව මේ අයත් සම්බන්ධ කර ගෙන මේ අයගෙත් උපදෙස් අරගෙන, ඉදිරියට මේ රටේ මෙහෙයවීම්, කළමණාකරණ කටයුතු වලදී ඒ අයගේත් සහයෝගය ලබා ගන්න.

හොඳ අයගේ, හොරු ලං කර ගත්තොත් ඔබතුමාටත් අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙච්ච දේම, බින්දුවටම බහිනවා.මේක කරන්න එපා.මෙතෙක් කාළයක් ඔබතුමන්ලා ජරාව ගා ගත්තේ නෑ, ඒ නිසා ඉදිරි අවුරුදු 05 තුළත් ජරාව ගා ගන්නේ නැතිව ඒ ඒ පක්ෂ වලින් පාර්ලිමේන්තුවට එන හොඳ මිනිස්සු ටික ගැන අපිට වැඩිය හොඳට දන්නවා.ඒ අයව තෝරා බේරා ගෙන, ඒ අයගේ සහයෝගයත් ලබා ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හරි දීලා ඒ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න. වැඩ කරන්න පුලුවන් මිනිස්සු අකුලට දාන්න එපා, වැඩ කරන්න පුලුවන් මිනිස්සු හොරෙක්, දූෂිතයෙක් නෙමෙයි නම් ඒ මනුස්සයා කවුරු වුණත් කමක් නෑ ර‌ටේ සංවර්ධනය, රටේ පාලනය වෙනුවෙන් දායක කර ගන්න කියලා මම අතිගරුජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

කලාකාරුවෝ දේශපාලනයට එන එක ගැලපෙන්නේ නෑ. කලාකාරයා රටට ආදරය කරනවා නම් ඒ අයට සහයෝගය දුන්නා, රට කරවන්න කියලා පැත්තකට වෙන්න අවශ්‍යයි.ඊළඟට හාමුදුරුවරු ආගමික නායකයෝ ඉන්නවා නම් දේශපාලනයේදී සම්බන්ධ කර ගන්න අවශ්‍යය නෑ, උපදෙස් ටික ගන්න, මම නිතර කියන දෙයක් තමයි මේ රටේ රාජ්‍යය පාලනය සඳහා ආගමික නායකයින්ගේ, කළාකාරයින්ගේ ඔය හැම කෙනාගේම උපදෙස් අරගෙන හොඳ දේවල් ටික ක්‍රියාත්මක කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මේ මැතිවරණයෙන් තමයි රටේ ඉදීරියි ගැන තීන්දු වෙන්නේ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි මෙතෙක් කාළයක් වහල්ලු වෙලා හිටියානේ, එක එක දේශපාලඥයෝ පිටිපස්සේ ගියා, ඒ ගියේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන්නේ, ඇත්ත කථාව.පූජකයොත් එහෙමයි සාමාන්‍යය ජනතාවත් එහෙමයි‍.ඒ නිසා ඒවායෙන් බැහැර වෙන්න, දැන් රට ගැන හිතන්න.රට ගැන හිතලා, දැන් සිස්ටම් චේන්ජ් එකක් ගැන, අවුරුදු ගාණක ඉඳලා ජනතාව වෙනසක් ඉල්ලුවා, ඒ වෙනසට නායකත්වය ලැබිලා තියෙනවා.

ඒ නිසා මේ සැරේ ඡන්දය දෙන කොට මේ හොරු රැළම, හොරකම් කරලා ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න.මේ දේශපාලන පොර පිටියෙන් අතුගාලාම දාන්න ඕන, පහුගිය කාළයේ සමහර අය කරපු දේවල් අපි දැක්කානේ, පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවම, ඒකට අත උස්සන්න විදිහක් නෑ, මිනිහා දන්නේ නෑ නිදි පාර්ලිමේන්තුවේ.

ඒ වගේ මේ නාකි ගොබ්බ හැත්ත මේ දේශපාලන පිටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න වැඩපිළිවෙලක් හදා ගන්න. ඡන්දය මේ සැරේ පාවිච්චි කරන කොට හොඳට තෝරා බේරා ගෙන හොඳ මිනිහා කවුද? උගත් මිනිහා කවුද? ජනතාවට සමීප කවුද? පොළවේ පයගහලා ඉන්නේ කවුද? කියලා තේරුම් අරගෙනම ඡන්දය පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.

ජනපති අනුර ගත් බිලියන 347ක ණය ගැන එළියට ආ අලුත්ම කතාව.


මේක තමයි මේ රටේ අවසානම, ගලවාගන්න තියෙන එකම තුරුම්පුව, මේකෙන් අපි ගිලිහිලා ගියොත් මේ රටේ ඉන්න ජනතාවගේ අහිංසක දරුවන්ට කවදාකවත් රටක් නැතිව යනවා, ඒ නිසා ඒ ගැන කල්පනා කරලා දේශපාලන වහල් බවින් මිදිලා මේ රටේ වර්ථමාන ජනාධිපතිවරයාගේ අදහස් වලට, වැඩපිළිවෙලට පක්ෂ විපක්ෂ හොඳ මිනිස්සුන්ට ඡන්දය ලබා දෙන්න. ලාභ අපේක්ෂාවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා.රට ගැන හිතන්න, ජාතිය ගැන හිතන්න, එච්චරයි කියන්න තියෙන්නේ.ඒ නිසා වහල් බවින් මිදිලා, ඔලුව පාවිච්චි කරලා, ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කරා වගේම, මේ හම්පඩ වෙච්ච අල්ලස, දූෂණය, වංචාවෙන් මිරිකුණ , මේවායෙන් හම්බකර ගෙන කාපු මේ ගොන් රැළම සම්පූර්ණයෙන්ම මේ දේශපාලන පොර පිටියෙන් ඉවත් කරන්න අවශයයි.ඒ නිසා ජනතාව ඒ වෙනුවෙන් හරි තීරණයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා යැයි පැවසූහ."

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට රු. 3000 දීමනාව. - ලබන සතියේ සිට ලැබෙන්නේ මෙහෙමයි.