"එයා යාළු ඇති.. මම නම් නෑ.." - පාසල් කාලේ ආදරේ මතක් කළ අනුර.. කීව දෙය ඇහුවොත් පුදුම හිතෙයි..
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන්නේ එම පක්ෂය බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවැති ජන රැලියකදී ය.
ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් එහි ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම දී ඊයේ (09) පස්වරුවේ පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට අද දේශපාලන වේදිකාවේ කියන්න දේශපාලන කරුණු නැහැ. රනිල් වික්‍රමසිංහ රට ඇතුළේ රැඳවුමක් හදන්න හදනවා මම එයාගේ යාළුවා කියලා.
එයා යාළු ඇති. මම නම් යාළු නෑ. අර ඉස්කෝලේ කාළේ පොඩි ආදර කතා තියෙනවා නේද? එක්කෙනෙක් ලව්, අරය ලව් බව දන්නෙවත් නෑ. අන්න ඒ වගේ වැඩක් තමා මේක. ඔය රනිල් වික්‍රමසිංහ යාළුවා යාළුවා කියන්නේ මොකද දන්නවද? ෂේප් කර ගන්න. එයා දන්නවා ජයග්‍රහණය ජාතික ජන බලවේගයට එනවා.
ඊට කළින් ෂේප් පාරක් දා ගන්න පුළුවන්ද කියලා ඔය බලන්නේ. හැබැයි යාළුවා කිව්වට ඒ වගේ ෂේප් වෙන්න බෑ. 21 වෙනිදාට පස්සේ රනිල්ට තේරෙයි යාළුවාගේ තරම..
මොකද ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් ඔක්කොම නතර කරන්න. මේ ආණ්ඩු කියන්නේ රටේ සම්පත් හොරකම් කර ගන්න එකතු වෙන රංචු, කල්ලි.
දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස එක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් ෆොටෝ එකක් දානවා. දැන් තමුන් වහන්සේලා දන්නවා මේ රට විශාල කඩා වැටීමකට පොහොට්ටුව හේතු වුණා.
දැන් පොහොට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. ඇත්තට නේද, කොයි පැත්තෙන් කතා කළත්, හිතන්න ටිකක්. මොන මජර කැත කුණු දේශපාලනයක් ද මේක.
අද අපේ රටේ ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් ඕන. ඒක හදන්නේ ජාතික ජනබලවේගය විතරයි. මතක තබාගන්න.."