හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක් ..(VIDEO)
2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා.
විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්.
ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
ඒ අනුව සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර විභාග මධ්‍යස්ථාන වෙත මදුරු මර්දන ඖෂධ රැගෙන එන ලෙසට ද විභාග අයදුම්කරුවන්ට උපදෙස් ලබා දෙනවා.
මේ අතර සිදුවිය හැකි ආපදා හේතුවෙන් විභාගයට සිදුවන බාධාවන් වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අදාළ බලධාරීන්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් කළ දැනුම්දීම...
You may like this video