ජනපති රාජ්‍ය නිලධාරීන් ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි..

Government Employee Government Of Sri Lanka Weather AKD
By Aruna Nov 28, 2024 07:11 AM GMT
Aruna

Aruna

Report

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවති සාකච්ඡාවේදීයි.

මාලිමාවේ මන්ත්‍රීවරු පෝලිමේ ගොඩගැසෙයි..තවත් මන්ත්‍රීන් පිරිසක් පන්නා දමන්න වෙයි?..

මාලිමාවේ මන්ත්‍රීවරු පෝලිමේ ගොඩගැසෙයි..තවත් මන්ත්‍රීන් පිරිසක් පන්නා දමන්න වෙයි?..


විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

දැනට මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.

විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින් එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබාගැනීමටද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

අවුරුදු 15-24 වයසේ තරුණයන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

අවුරුදු 15-24 වයසේ තරුණයන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

You May Like This Video


ReeCha