මාලිමාවේ මන්ත්‍රීවරු පෝලිමේ ගොඩගැසෙයි..තවත් මන්ත්‍රීන් පිරිසක් පන්නා දමන්න වෙයි?..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වනවා.

ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට ආසන්න පිරිසක් එම මන්ත්‍රී පිරිස් අතර වන බවයි පැවසෙන්නේ.

හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මාදිවල නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් එහි රැඳී සිටින අතර ඔවුන්ට ඉක්මනින් ඉන් ඉවත් වන ලෙසද දැනුම් දී ඇත.

අවුරුදු 15-24 වයසේ තරුණයන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

අවුරුදු 15-24 වයසේ තරුණයන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


නවක මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම එළඹෙන තුන්වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් පවතී.

මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් ඇත.

You May Like This Video