කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට නියෝග.(VIDEO)
Sri Lanka Magistrate Court
By Wayomi
ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම වරෙන්තු නිකුත් වී ඇති අතර මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන්.
කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ ඔහු විදේශගතව ඇති බවයි.
සුළි කුණාටුව තීව්ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)
You may like this video