කේක් කපලා..බැනර් ගහලා ජයටම ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරයි..පොලීසියත් එයි - (VIDEO)
යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල භූමියේ සහ වවුනියාව කල්මඩු , මුල්ලියාවේලි ඇතුළු ප්‍රදේශ කිහිපයක සැමරුම් පැවැත්වුණා.
මේ අතර හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් එක්ව, හිටපු එල්.ටී.ටී.ඊ. නායකයාගේ 70 වැනි උපන්දිනය වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසේදී සමරනු ලැබුවා.
කෙසේ වුවත් එම ස්ථානයට වැල්වැටිතුරෙයි පොලිස් නිලධාරීන් පැමිණ, හිටපු එල්.ටී.ටී, ඊ. සාමාජිකයින්ගේ ඡායාරූප භාවිත කිරීමට නෛතික බලයක් නොමැති බව පවසා තිබෙනවා.
එම අවස්ථාවේ කේක් කපමින්, පැල සිටුවමින් ජනතාව සතුටු වූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න..