අනුර කුමාර අගමැතිකම භාරගන්න සූදානම් බව දැනුම් දෙයි..විශේෂ මාධ්‍ය හමුව මෙන්න.(VIDEO)

Anura Kumara Dissanayaka Gotabaya Rajapaksa Ranil Wickremesinghe Prime minister Janatha Vimukthi Peramuna
By Aruna Jul 06, 2022 05:55 AM GMT
Aruna

Aruna

Report

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අගමැතිධූරය භාරගැනීමට සූදානම් බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

එහිදී ඔවුන් විසින් විශේෂ කොන්දේසි 03ක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


 අතර අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

"ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ .

කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ.අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීමයි."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now