ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කිරීම ජාතිවාදී ක්‍රියාවකි - ගජේන්ද්‍රකුමාර්
බටලන්ද ගැටලුවට ජාත්‍යන්තර මැදිහත්වීමක් සලකා බලන වත්මන් රජය, දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සලකා බැලීමට සූදානම් නැති බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.
යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම ජාතිවාදී ක්‍රියාවක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසා තිබේ.