අලුතෙන් කට්ටියක් ඇතුලේ...හේතුව මෙන්න

Report

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තරේටත් අධිකරණයෙන් වාරණ

අන්තරේටත් අධිකරණයෙන් වාරණ

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මාලිගාකන්ද උසාවිය විසින් උසාවිය කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ස්ථානයට ඇතුළත් වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව ඊයේ (16) දහවල් 12 සිට හෙට පස්වරු 05 දක්වා නියෝගයක් ද ලබා දී තිබුණි.

ලුණු නැති වෙන්න හේතුව හොයාගත්තා

ලුණු නැති වෙන්න හේතුව හොයාගත්තා

මෙලෙස අධිකරණය විසින් ලබාදී තිබු නියෝග නොසලකා එම පරිශ්‍රයට ඇතුල්වීමේ චෝදනාව මත ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ. ඒ තුලින් අධිකරණයට අපහස කර ඇති බව සඳහන්. අද දින අදාළ පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.