තවත් කාන්තා මළ සිරුරක් සහිත ගමන් බෑගයක් හමුවේ. (PHOTOS)

SAPUKASKANDHA DEAD BODY MA BIMA VELLAV VEEDHIYA
By Sewvandhi Nov 04, 2021 09:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ දමා ගිය ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.සපුගස්කන්ද තෙල් පිරිපහදුවට යාබද කුණු කන්දක ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් විමර්ශණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම කාන්තාව හඳුනා ගැනීම සඳහා සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,

"සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගය අසල කැලි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එම ස්ථානයේ මේ වන විට කැලණිය කොට්ඨාස, අපරාධ ස්ථාන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබනවා. කාන්තාව කවුද යන්න අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා."

මීට ඉහතද මෙවැනිම මළසිරුරක් හමුවූ අතර ඒ, හිසසුන් මළසිරුර හමුවූයේ වේල්ලවීදිය ප්‍රදේශයෙන්. 

එය හංවැල්ල ප්‍රදේශයේ සිට පෞද්ගලික බස් රථයක දමා කොළඹට රැගෙන විත් තිබූ බවටයි පසුව අනාවරණ වුයේ.

සිද්ධියට සමබන්ධ බවට අනාවරණ වූයේ බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කර නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්. පසුව පොලිසිය සැකකරු සොයා යාමේදී ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.

එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery