බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් තරුණයෙක් අල්ලයි.

Sri Lanka Police Crime Murder
By Wayomi Feb 05, 2024 03:58 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 22වැනිදා බෙලිඅත්තේදී සිදුවූ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) හබරාදූව ප්‍රදේශයේදී මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ, 28 හැවිරිදි කටුදම්පේ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ, අනුව ඔහු මෙම සිද්ධියේ 11 වන සැකකරු වනවා.

ජනවාරි 22 වන දින අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුමේදී මෙලෙස ඝාතනයට ලක්වුණා.

                                                                                      Sponsored By Sarrita Jewellery

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් තරුණයෙක් අල්ලයි. | Another Suspect In The Murder Of Five People

ReeCha