අදත් නිවසකට වෙඩි ප්‍රහාර
Sri Lanka Police
Crime
Law and Order
Gun Shooting
Sinhala news
By Kaushi
අද (25) දින පස්වරුවේ ඇඟලුම් ශාලාවක් අසල නිවසකට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.
වෙඩි ප්‍රහාර එල්ල වූ නිවස පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල පිහිටි බව සඳහන්.
අඳාළ ප්‍රහාර මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් එල්ල කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
එසේම සිද්ධිය සිදු වූ ස්ථානයේ තිබිය දී උණ්ඩු කොපු 10ක් පමණ සොයාගෙන ඇති බව ද පවසයි.
මෙම වෙඩිප්‍රහාරය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කර ඉන් අනතුරුව පලාගොස් තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි.
